HiddenWay
Home / LK Sri Lanka

මෙවර එ.ජා. මහා මණ්ඩල සැසිවාරයට ජනපති වෙනුවට විජිත

නිව්යෝර්ක් හිදී පැවැත්වීමට නියමිත මෙවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය සැසිවාරය සඳහා ජනපති අනුර කුමාර දිසානායක මහතා එක් නොවන බවත්, එම සැසිවාරයට එක්වීමට තමා ලබන 26 වැනිදා මෙරටින් පිටත් වන බවත්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව අද (08) දින පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී පැවසීය. ඔහු එළැඹෙන 28දා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසිය ඇමතීමටද නියමිතය. තවත් පනත් කෙටුම්පතට කථානායක සහතිකය ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (08) සිය සහතිකය සටහන් කළේය. 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පත කම්කරු අමාත්‍ය (ආචාර්ය) අනිල් ජයන්ත විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, එය පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී. මෙම සංශෝධනයේ මූලික අරමුණ වන්නේ ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීම සම්බන්ධයෙන් පනත යටතේ සිදුවන වැරදි සඳහා පනවා ඇති දඩ මුදල් වර්තමාන තත්ත්වයට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීමයි. මේ අනුව 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ පනත මගින් වයස අවුරුදු 16ට අඩු ළමයින් සේවයේ යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර එම පනතට අදාළ වන වැරදි සඳහා අධිකරණය විසින් නියම කළ හැකි දඩ මුදල් වර්තමාන සමාජ ආර්ථික තත්ත්වයන් මත ප්‍රමාණවත් නොවන බැවින් එම දඩ මුදල් සංශෝධනය කිරීම මෙම නව සංශෝධන පනත මගින් සිදු වේ. ඒ අනුව, ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත යටතේ වන වැරදිවලට අදාළ දඩ මුදල් රුපියල් දස දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීම සඳහා ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත මගින් සිදුකෙරේ.

Read the original report: srilankamirror.com →

Published
08 Sep 2026
Languages
සිංහල
Trending
ජල සම්පාදන මණ්ඩලය

More from Sri Lanka

ඉන්දීය ආරක්ෂක ඇමැති සීතා අම්මාන් කෝවිල වැඳ පුදාගෙන අද යළි යනවා

LKSri Lanka

India seeks to deepen maritime, defence ties during Minister Rajnath Singh’s Sri Lanka visit: HC

LKSri Lanka