HiddenWay
Home / LK Sri Lanka

ඉන්දීය ආරක්ෂක ඇමැති සීතා අම්මාන් කෝවිල වැඳ පුදාගෙන අද යළි යනවා

මෙරට නිල සංචාරයක නිරත ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං, සිය නිල සංචාරය අවසන් කරමින්, අද (10) දහවල් දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබේ. ඊට පෙර ඔහු අද උදෑසන නුවරඑළියේ සීතා අම්මාන් කෝවිල වෙත සංචාරය කිරීමට නියමිත විදේශ කටයුතු අමාත්‍යංශය කියා සිටී. ජනප්‍රවාදයේ යෙදෙන රාමායනය වැනි ඓතිහාසික පුරාවෘත්තයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ගැඹුරු සබැඳියාවන් වර්ධනය කිරීම ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ අරමුණ බව මහජන රාජ්‍ය තාන්ත්‍රික අංශයේ අධ්‍යක්ෂ ජනරාල් තුශාර රොද්‍රිගෝ මහතා මාධ්‍යට පවසා ඇත. සීතා අම්මාන් කෝවිල පරිශ්‍රයේදී, ඉන්දියානු සම්භවයක් ඇති මෙරට වතුකර ජනතාව හමුවී ඔවුන් ධෛර්යමත් කිරීමද ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ නුවරඑලිය සංචාරයේ තවත් අරමුණකි. ස්කූටියකින් ඇවිත් කොහුවල නිවසට අත්බෝම්බයකින් දමා ගහලා ස්කූටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු කොහුවල විමලසිරි පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ඇතැයි කොහුවල පොලිසිය පවසයි. අත්බෝම්බ ප්‍රහාරයෙන් කිසිවකුටත් හානියක් සිදුව නොමැති අතර නිවස ඉදිරිපිට ජනෙල් දෙකක වීදුරුවලට හානි සිදුව ඇති බව පොලිසිය කියයි. බෝම්බ ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ නිවසේ රැඳී සිට ඇත්තේ 56 කාන්තාවක් පමණක් බවද ඇයට කිසිදු හානියක් සිදුව නැතැයි ද වාර්තා වේ. ලංකා ගල් අඟුරු සමාගම නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරය සඳහා ඉකුත් 2009 සිට 2016වසර හතක කාලයේ දී ගල් අඟුරු මිලදී ගැනීමේ දී සිදුවූ අක්‍රමිකතා සහ දුර්වලතා හේතුවෙන් රුපියල් කෝටි 414 කට අධික පාඩුවක් සිදුව ඇතැයි විශේෂ විගණන වාර්තාවකින් තොරතුරු අනාවරණය වී ඇත. එම පාඩුවට වගකිව යුතු නිලධාරීන් හඳුනාගත යුතු බවත්, ඉදිරියේ දී මෙවැනි අලාබ, අතිරේක වියදම් සහ ආදායම් අහිමිවීම් ඇති නොවන පරිදි ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් කළ යුතු බවත් විගණකාධිපතිවරයා එම වාර්තාවෙන් නිගමනය කර ඇත.

Read the original report: srilankamirror.com →

Published
10 Sep 2026
Languages
සිංහල

More from Sri Lanka

මෙවර එ.ජා. මහා මණ්ඩල සැසිවාරයට ජනපති වෙනුවට විජිත

LKSri Lanka

India seeks to deepen maritime, defence ties during Minister Rajnath Singh’s Sri Lanka visit: HC

LKSri Lanka